Jump to content

විදිලි සරව්ව

විකිපීඩියා වෙතින්

විදිලි සරව්වෙක් (ඉංගිරිසියෙන්: Electric car; චීන බසින්: 电动汽车[1]) හෙවත් විදුලි මෝටර් රථයක්, බැටැරි විදිලි සරව්වෙක් හෝ සව්-විදිලි සරව්වෙක්[2] හෝ යනු බඳනවලැ[?] (බැටැරි) රඳවා ඇති ඔද පමණක් ගනිමින් එක් හෝ වැඩිතර හෝ විදිලි බමවනයෙකින් දිවෙන රියෙකි. අබතුරු දැවුම් එන්ජින් රිය (අයි.සී.ඊ.) හා සසඳත විදිලි සරවු නිහඬතර, බැහැරැවි විහිදුමක් නැති හා මුළු විහිදුම අඩුතර හා වේ. කෙසේ වතදු විදිලිය දනවන පිළියත තමන්ගේ මැ විහිදුම දනවනු වියැ හැකී. එක්සත් රජයුවන්වලැ හා එරෝපා එකතුවේ හා 2020 වත, අඩු දැවි හා නඩත්තු වියදම් හෙයින්, මෑත්-කැලි විදිලි රියවලැ හිමිකාරිත්වයේ මුළු පිරිවැය සමාන අ.දැ.එ. (අයි.සී.ඊ.) සරවුවලට වඩා ලාභදායී වී. විදිලි සරවු සුවැසුරුම නන් අයුරේ සුවැසුරුම් පොළවලැ දී කට හැකී. මේ සුවැසුරුම් පොළවල් නිවාස හා පොදු තැන් හා යන දෙකෙහි මැ පිහිටැවියැ හැකී.

බඳන[සංස්කරණය]

ලිතියම්-විදුණු-පදනම්[3] බඳන බොහෝ විටැ ඒවායේ වැඩි බලය හා ඔද ගනතාව හා නිසා ගැනේ. නිකල් හා කොබොල්ට් හා මත රඳා නොපවතින ලිතියම් යා පොස්පේට[4] වැනි නන් රසායනික සංයුතීන් ඇති බඳන[?] පුළුල්තර වැ ගැනෙමින් පවතී.

සුවැසුරුම[සංස්කරණය]

නැවැත සුවැසිරීමට විදිලිය සපයා-ගනුව බොහෝ විදිලි සරවු තැතැදු[5] ඇවිණියෙක් ගනී. විදිලි රිය සුවැසුරුම් ඔබු ලෝ පුරා සව්යුරු නොවේ. කෙසේ වතදු, එක් ඔබු පන්නෙක් ඇති රියෙක් සැමැනියෙන් වෙනත් පන්නයේ සුවැසුරුම් පොළවලැ ඔබු අනුහුරුවන[?] (ඇඩැප්ටර) යොදාගැනීමෙන් සුවැසිරියැ හැකී.

පන්න 2 ඇවුණන බෙහෙවින් මැ ගැනෙනා ඔබු පන්නය වන්නේ නමුදු වෙනස් අයුරුවලැ ඔබු චීනයේ හා එරෝපාවේ හා යොදාගැනේ.

පන්න 1 (SAE J1772 ලෙසදු හැඟැවෙන) අවුණනය උතුරු අමෙරිකාවේ බෙහෙවින් මැ ගැනෙන්නේ නමුදු එය තෙ-කලා සුවැසුරුමට සහය නොදක්වනුයෙන් අනෙකුදු තැන්හි දුලබ යැ.

තත්-නො-ඇදු සුවැසුරුම[6], නවතා ඇති සරවු සඳහා හෝ විදිලි මඟක් ලෙස හෝ, 2021 වත අඩු වුවත්, ඇතැම් නගරවලැ කුලී රිය සඳහා යොදාගැනේ.

ඔද සුරුව[සංස්කරණය]

අබතුරු දැවුම් එන්ජින්වලැ සුරුව කෙරෙහි තාපගතික සීමාවන් වෙයි. මෙය දැවි දැවීමෙන් නිපැයෙන ඔදයට සැසැඳි වැ රිය පෙරයතනුව යොදාගැනෙන ඔදයේ කොටසක් ලෙස පැවැසේ. පිරිතෙල් එන්ජින් පලවත් ලෙස රිය සැලැවීමට හෝ අටවු බල ගැන්වීමට හෝ දැවි ඔදයෙන් 15%ක් පමණක් වැය කරයි; දිසිතෙල් එන්ජින්වලට 20% ක පුවරුව-මත සුරුවකට ළැඟියැ හැකියි; විදිලි රිය, විදිලි බෙලෙන් 77%කට වඩා වැඩි පමණෙක් කොටුමාවේ සිටැ රෝදවලැ දී බලය බවට පිරිවටයි.

ගබඩා කැරුණු ඔදය රියක් දිවැවීමට පිරිවැටීමේ දී අබතුරු දැවුම් එන්ජින්වලට වඩා විදිලි බමවන සුරුතර වේ. කෙසේ වතදු, ඒවා සෑම වෙයකැ දී මැ සම වැ සුරු නොවේ. මෙය සිදු කරනුව, දෙ-විදිලි බමවන ඇති ඇතැම් සරවුවලැ නගර වෙය සඳහා ප්‍රශස්ත ගියරයක් ඇති විදිලි බමවනයක් ​​හා අදිවේ මං වෙය සඳහා ප්‍රශස්ත ගියරයක් ඇති දෙවන විදිලි බමවනයක් ​​හා වෙයි. විදුරොනුවාරණයන් යම් මොහොතකැ පවතින වෙය හා ත්වරණය හා සඳහා සොඳතම සුරුව ඇති බමවනය තෝරා ගනී. විදිලි රියවලැ බහුල වැ දක්නට ලැබෙන පුනදැනැවුම් තිරිංගවලට, තිරිංග කිරීමේ දී සැමැනියෙන් නැසෙන ඔදයෙන් පහෙන් එකක් තරම් පමණක් නැවැත ලබා ගත හැකියි.

  1. 电动汽车 - 维基百科,自由的百科全书 (wikipedia.org)
  2. All-electric car
  3. Lithium-ion-based
  4. Lithium iron phosphate
  5. Wired
  6. Wireless charging
  7. http://www.np-coburg.de/lokal/coburg/coburg/Elektroauto-in-Coburg-erfunden;art83423,1491254 np-coburg.de
  8. Four-wheeled electric car
  9. "Elwell-Parker, Limited". 4 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2016-02-17.
"https://si.wikipedia.org/w/index.php?title=විදිලි_සරව්ව&oldid=674308" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි