මොරවක

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා ද්වීපයේ නිරිත දිග තෙත් කලාපයට අයත් දකුණු දේශයේ සුන්දර සිංහරාජ වනෝද්‍යානයට නුදුරින් පිහිටි කොටපොල ප්‍රාදේශීය මහා ලේකම් කොට්ඨාසයට අයත් බටහිර මොරවක්කෝරළයේ, මුහුදු මට්ටමේ සිට අඩි 2377 ක් පමණ උසින් මොරවක් කන්ද නමින් කදුයායක් පිහිටා ඇත. ඒ පාමුල දකුණු පසින් ගලා බසින නිල්වලා නදීය ඇත. මේ සුරකුමරිය මිල්ල ඇල , අමුණුදොල නමින් යුත් යෙහෙලියන් දෙදෙනෙක් සමග කෙලිදෙලෙන් සිට වන සිරි විදිති.

මොරවක වැසියන්ගේ ප්‍රධාන ජීවනෝපාය තේ වගාවෙන් සලසා ගෙන ඇති අතර වී ගොවිතැන, අල , බතල, කෙසෙල් , පොල් ගෙවතු වගාවන් ද අතනොහැර පරිභෝජනයට ගෙන ඇත.

කෑගල්ලේ වරකාපොලද මොරවක නම් ගමක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මොරවක&oldid=667053" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි