ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1
තාරකා විද්‍යාව හෙවත් තාරකාවේදය (ඉංග්‍රීසි: Astronomy / ඇස්ට්‍රොනොමි) (ග්‍රීක: αστρονομία = άστρον + νόμος, astronomia / ඇස්ට්‍රොනොමියා = astron + nomos, සරලව ගත් කල, "තාරකා නීතිය") යනු තාරකා, ග්‍රහලෝක, ධූමකේතු (comets), ඌෂාලෝකය (aurora), චක්‍රාවාට (galaxies) සහ අන්තරීක්ෂ පසුබිම් විකිරණය (cosmic background radiation) යනාදී පෘථිවි වායුගෝලයෙන් පරිභාහිර සංසිද්දීන් සහ අභ්‍යවකශ වස්තූන් (celestial objects) පිලිබඳ විද්‍යාවයි. මෙහි ප්‍රධාන කාර්යයන් වන්නේ විශ්වයේ සම්භවය සහ විකාශණය, විශ්ව වස්තූන්ගේ භෞතික සහ රසායනික ගුණයන්ගේ පරිනාමය සහ ඒවායේ චලනයන් යනාදිය ගැන හැදෑරීමයි. මෙහි එන විද්‍යාත්මක නිරීක්ෂණයන් වැදගත් වන්නේ තාරකා විද්‍යාවට පමණක් නොවේ, ඒවා සාමාන්‍ය සාපේක්ෂතා වාදය වැනි භෞතික විද්‍යාත්මක මතවාදයන් සනාථ කරගැනීමට අවශ්‍ය වැදගත් තොරතුරු ද සපයයි. (තව දුරටත්...) -
Image 2
-
Image 3
ග්රහක (ඉංග්‍රීසි: Asteroid) යනු සෞරග්‍රහ මණ්ඩලයේ ඇති minor planets වර්ගයක් වේ.මේවා ඝන පාෂාණවලින් නිර්මාණය වී ඇත.නිශ්චිත හැඩයක් නොමැත. විවිධ විශාලත්වයන් දරයි. (තව දුරටත්...) -
Image 4
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...) -
Image 5
මාකේ මාකේ (සංකේතය: ) වාමන ග්‍රහලොව කුයිපර් වළල්ලේ ඇති විශාල ග්රහවස්තූන්ගෙන් එකකි. මෙහි විශ්කම්භය ප්ලූටෝ ග්‍රහලොව මෙන් 2/3 කි. මේක්මේක් හට උපග්රහයන් නොමැති බැවින් එය කුයිපර් වළල්ලේ ඇති අනෙක් ග්‍රහලෝක අතුරින් වෙන්කර හඳුනාගත හැකිය. එමගින් එහි බර නිමානය කලහැකිය. එහි උෂ්ණත්වය 30 K (−243.2 °C) ක පමන ඉතාමත් අඩු ප්රතිශතයක උෂ්ණත්වයකි. එමගින් කියවෙන්නේ එහි මතුපිට එතේන්,මෙතේන් සහ නයිට්රජන් අයිස් මගින් ආවරනය වී ඇති බවයි. (තව දුරටත්...) -
Image 6
ග්රහක පටිය යනු සෞරග්‍රහ මණ්ඩලයේ අඟහරු හා බ්‍රහස්පති ග්‍රහයන්ගේ කක්ෂ අතර ප්රදේශයයි. එම ප්‍රදේශය තුල අක්‍රමවත් හැඩැති වස්තුන් (ග්රහක) නැතිනම් කුඩා ග්‍රහලෝක ගණනාවක් දක්නට ලැබේ. සෞරග්‍රහ මණ්ඩලයේ වෙනත් කුඩා ග්‍රහලෝක එකතු, එනම් කියුපර් පටිය සහ විසිරුණු තැටිය වැනි එකතූන්ගෙන් වෙන්කර හඳුනාගැනීම පිණිස මෙම ග්රහක පටිය, ප්‍රධාන පටිය ලෙසද හඳුන්වනු ලැබේ.
ග්රහක පටියේ ස්කන්ධයෙන් අඩකටත් වඩා ගැබ් වී ඇත්තේ සෙරෙස්, වෙස්ටා 4, පල්ලාස් 2 සහ හයිජියා 10 යන විශාල වස්තූන් තුලය. මේ වස්තු හතරටම කිලෝමීටර 400 කට වඩා වැඩි මධ්‍යයන විෂ්කම්බයක් ඇති අතර ග්රහක පටියේ එකම කුරුමිටි ග්‍රහයා වන සෙරෙස් ගේ විෂ්කම්භය කිලෝමීටර් 950 ක් වේ. අනෙකුත් ග්රහක දුවිලි අංශුවක් දක්වා විවිධ ප්‍රමාණ වලින් යුක්ත වේ. ග්රහක ද්‍රව්‍ය තුනී ලෙස පැතිරී ඇති බැවින් කිසිදු අනතුරකින් තොරව මිනිසුන් නොමැතිව අභ්‍යවකාශ යානා ගණනාවක් මේවා අතරින් ගමන්කර තිබේ. (තව දුරටත්...) -
Image 7
මහ පොළොව හෙවත් පෘථිවිය සූර්යයාගේ සිට පිළිවෙලින් 3 වැනි ග්‍රහලෝකයයි. එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහලෝක 8 න් ඝණත්වයෙන් වැඩිම සහ 5 වැනි විශාලම ග්‍රහලොවයි. එමෙන්ම එය සෞරග්‍රහ මණ්ඩලයේ ඇති භූමියක් සහිත ග්‍රහලෝක අතුරින් විශාලතම ග්‍රහලොවයි. සමහර අවස්ථා වලදී එය ලෝකය , නිල් ග්‍රහලොව , හෝ එහි ලතින් නාමය වන "ටෙරා" යන නම් වලින් හඳුන්වයි.
මිනිසා ඇතුළු සත්ව විශේෂ මිලියන ගණනකට නිවහන වන පෘථිවිය දැනට සොයාගෙන ඇති පරිදි ජීවය පවතින එකම ආකාශ වස්තුවයි. මෙම ග්‍රහලෝකය මීට අවුරුදු බිලියන 4.54 කට පෙර නිර්මාණය වුණු අතර අදට අවුරුදු බිලියනයකට පෙර පෘථිවි පෘෂ්ඨය මත ජීවය බිහි විය. (තව දුරටත්...) -
Image 8
-
Image 9
ට්‍රයිටන් නෙප්චුන් ග්‍රහයාගේ විශාලතම උප ග්‍රහයා වන අතර එය ක්‍රිස්තු වර්ෂ 1846 ක් වූ ඔක්තෝබර් මස 10 වෙනි දින සොයා ගන්න ලද්දේ ඉංග්‍රීසි ජාතික තාරකා විද්‍යාඥයෙකු වූ විලියම් ලැසල් විසිනි. එය සෞරග්‍රහ මණ්ඩලය තුල පිහිටි මව් ග්‍රහයාගේ භ්රරමණ දිශාවට ප්රතිගාමී චලිතයක් දක්වන විශාලතම උප ග්‍රහයා ය. විශ්කම්භයෙන් කිලෝමීටර් 2700 ක විශාලත්වයක් දක්වන ට්‍රයිටන් උප ග්‍රහයා විශාලත්වය අතින් සැලකීමේදී සෞරග්‍රහ මණ්ඩලයේ සත් වැන්නට විශාලතම උප ග්‍රහයා වේ. ට්‍රයිටන් ග්‍රහයාගේ ප්රතිගාමී චලිත රටාව සහ ග්‍රහයාගේ මූලද්‍රව්‍ය සංයුතිය පිළිබද සැලකීමෙන් පසු තාරකාවිද්‍යාඥයින් අනුමානය වන්නේ ට්‍රයිටන් ග්‍රහලොව කූපර් පටිය තුල පැවතෙන්නට ඇති බවත් පසු කාලීනව ගුරුත්වාකර්ෂණ ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස නෙප්චූන් ග්‍රහයාගේ උප ග්‍රහයෙක් බවට පත් වන්නට ඇති බවත් ය. ට්‍රයිටන්ගේ පෘෂ්ඨය මූලිකවම ඝණ නයිට්රජන් සහ අයිස් මිශ්‍රණයකින් වැසී පවතින අතර ඊට අමතරව ලෝහ සහ පාෂාණ වැස්මකින්ද සමන්විත වේ. එය ග්‍රහලොවේ මුළු ස්කන්ධයෙන් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක් දක්වා අගයක් ගනී. ට්‍රයිටන් ග්‍රහයාගේ මධ්‍යනය ඝනත්වය 2.061 g/cm3 පමණ වන අතර ග්‍රහ ලොවේ ස්කන්ධයෙන් 15–35% දක්වා ප්‍රමාණයක් ජලය ද්‍රව අයිස් ලෙස පවතී.
ට්‍රයිටන් යනු සෞරග්‍රහ මණ්ඩලය තුල භූ විද්‍යාත්මක ලෙස සැලකු විට සක්‍රීයව පවතින උපග්රහයන් කිහිපය අතුරින් එක් උපග්‍රහයෙක් වන අතර අනෙකුත් ග්‍රහලෝක වලට සාපේක්ෂව තරුණ ග්රහලොවක් වන මෙහි මතුපිට පෘෂ්ටය එම නිසා මෙතෙක් අවබෝධ කර නොගත් භූ විෂමතා කලාප, පැහැදිලි හේතුවක් පැවසිය නොහැකි නිතර පෘෂ්ටය මත සිදු වන භූචලන වලින් පිරි පවතී. ග්රහලෝවෙන් කොටසක මතුපිට පෘෂ්ටය මත විසිරී පවතින උණුදිය උල්පත් නිතරම අධික උෂ්ණත්වයකට ලක්වෙමින් උතුරා යන ලක්ෂණ පෙන්වයි.ට්‍රයිටන් මතුපිට වායුගෝලය මත පවතින නයිට්රජන් වායුව පෘතුවියේ මෙන් 1/70,000 ක් පමණ තුනී ස්තරයක් ලෙස විසිරී පවතී. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව