ද්වාරය:න්‍යෂ්ටික තාක්ෂණය
Portal maintenance status: (2021 ඔක්තෝබර්)
|
හැඳින්වීම
න්‍යෂ්ටික තාක්ෂණය යනු පරමාණුක න්‍යෂ්ටිවල ප්‍රතික්‍රියා හා සම්බන්ධ වන තාක්ෂණයයි. දුම් පරික්ෂකයේ සිට න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකය දක්වා එහි යෙදීම් පවතී. තුවක්කු කුරුමානම් කිරීමේ පටන් න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය දක්වාද මෙම තාක්ෂණය ප්‍රයෝජනයට ගැනේ. න්‍යෂ්ටික තාක්ෂණයෙන් කළ හැකි දෑ පිළිබඳව ජනතාව තුල විශාල අවධානයක් පවතී. න්‍යෂ්ටික තාක්ෂණයේ සෑම යෙදීමක්ම බොහෝ සැලකිල්ලෙන් සිදුකරයි.
Selected general articles
-
Image 1ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් සහිත පරමාණුක න්‍යෂ්ටියක් පහළ ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණුක න්‍යෂ්ටි දෙකකට බිඳී යාමේ න්‍යෂ්ටික ප්‍රතික්‍රියා න්‍යෂ්ටික විඛණ්ඩනය (ඉංග්‍රීසි: Nuclear fission) ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව සහ න්‍යෂ්ටික රසායන විද්‍යාව යන ක්ෂේත්‍ර තුළ හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී පදාර්ථයෙහි ස්කන්ධ වෙනසක් (බොහෝ විට අඩු වීමක්) සිදු වන අතර ඒ අනුව විශාල ශක්තියක් මුක්ත වේ. ඊට අමතරව න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාවලදී බොහෝ විට නියුට්‍රෝන සහ ෆෝටෝන (බොහෝ විට ගැමා කිරණ ලෙස) මුක්ත කරයි.
(තව දුරටත්...) -
Image 2න්‍යෂ්ටික රසායනය යනු විකිරණශීලීතාව, න්‍යෂ්ටික ගුණ හා න්‍යෂ්ටික ක්‍රියාකාරිත්වය පිළිබිඹු වූ රසායන විද්‍යාවේ අනුමාතෘකාවකි. මෙය ඇක්ටිනයිඩ, රේඩියම් හා රේඩොන් වැනි විකිරණශීලී මුලද්‍රව්‍යය ද සහ න්‍යෂ්ටික ප්‍රතික්‍රියක වැනි න්‍යෂ්ටික ක්‍රියාවලි සිදු කිරීමට තැනූ උපකරණ සමග එක් වූ රසායන විද්‍යාවකි. මෙහිදී පෘෂ්ඨයක විඛාදනය හා සමාන හා අසාමාන්‍ය (හදිසි අනතුරක් වැනි) ක්‍රියාවලීන්හි දී එහි හැසිරීම අධ්‍යයනය ද අන්තර්ගත වේ. ඉතා වැදගත් වන්නේ ද්‍රව්‍ය හා වස්තූන් අපවිත්‍ර ලෙස බැහැර කිරීමේ දී හා ඒවා අපද්‍රව්‍ය ලෙස ගබඩා කිරීමේදී ඒවායේ හැසිරීම අධ්‍යයනය යි.
ජීවත් වන සතුන්, ශාක හා අනෙකුත් ද්‍රව්‍යයන්ගෙන් විකිරණ උරා ගෙන ඒනිසා සිදුවන රසායනික ආචරණ පිළිබඳ අධ්‍යයනය අණුක මට්ටමෙන් විකිරණ ජීවීන්මත බලපෑම් ඇති කරන නිසා විකිරණ රසායන ජෛව විද්‍යාවෙන් බොහෝමයක් පාලනය කරනු ලබයි. මෙය පැහැදිලි කරන තවත් ක්‍රමයක් නම් විකිරණ මගින් ජීවියෙකුගේ ජෛව රසායනික වෙනස් කිරීමයි. මෙම වෙනස් කිරීම් ජෛව අණු ද ඉන්පසු ජීවියාගේ තුළ ඇති රසායනිකය ද වෙනස් කරනු ලබයි. මෙම ජෛව රසායනික වෙනස් වීම මගින් ජීව විද්‍යාත්මක ප්‍රතිඵලයක් නිර්මාණය කළ හැකිය. ඒනිසා පිළිකා විකිරණ චිකිත්සාව වැනි වෛද්‍ය ප්‍රතිකාරයන් සොයා ගැනීමට හා එවැනි ප්‍රතිකාරයන් වැඩි දියුණු කිරීමට න්‍යෂ්ටික රසායනය විශාල වශයෙන් දායක වේ. (තව දුරටත්...) -
Image 3
පරමාණුක න්‍යෂ්ටි දෙකක් හෝ වැඩි ගණනක් එකිනෙක එකතු වෙමින් නොහොත් විලයනය වෙමින් තනි, මුල් න්‍යෂ්ටීන් සියල්ලටම වඩා ඉහළ ස්කන්ධ ක්‍රමාංකයක් ඇති න්‍යෂ්ටියක් සෑදීමේ ක්‍රියාවලිය න්‍යෂ්ටික විලයනය (ඉංග්‍රීසි: Nuclear fusion) ලෙස න්‍යෂ්ටික භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, සහ තාරකා භෞතික විද්‍යාව යන ක්ෂේත්රයන්හි දී හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී පදාර්ථයෙහි ස්කන්ධ වෙනසක් සිදු වන අතර, ඊට අනුරූපව විශාල ශක්තියක් මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය.
න්‍යෂ්ටික විලයනයේ ප්‍රතිපලය (නියුක්ලියෝනයකට ඇති විශාලම න්‍යෂ්ටික බන්ධන ශක්තියක් ඇති) යකඩ න්‍යෂ්ටියට වඩා කුඩා න්‍යෂ්ටියක් වූ විට ප්‍රතික්‍රියාවෙන් ශක්තිය මුක්ත වේ. ඊට වඩා විශාල න්‍යෂ්ටි සෑදීමේදී ශක්තිය අවශෝෂණය කරගනු ඇත. න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි දී මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින් ශක්ති වෙනස සිදු වේ. (තව දුරටත්...) -
Image 4පරමාණුක න්‍යෂ්ටීන් හි මූලික තැනුම් ඒකක සහ ඒවා අතර ප්‍රතික්‍රියා පිළිබඳ හදාරන භෞතික විද්‍යාවට අයත් උප විෂයය න්‍යෂ්ටික භෞතික විද්‍යාව නම් වෙයි. න්‍යෂ්ටික භෞතික විද්‍යාව, පරමාණුක භෞතික විද්‍යාව සමඟ පටලවා නො ගත යුතුය: පරමාණුක භෞතික විද්‍යාවේදී සිදු වන්නේ සම්පූර්ණ පරමාණුව (ඉලෙක්ට්‍රෝන ද සමඟ) අධ්‍යයනය කිරීමයි.
න්‍යෂ්ටික ශක්තිජනනය සහ න්‍යෂ්ටික අවි සෑදීම වෙනුවෙන් යොදා ගැනීම නිසා මෙම විෂයය වඩාත් ප්‍රචලිත වී ඇත. එහෙත් මෙම ක්ෂේත්රයෙහි යෙදීම් න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව, චුම්භක අනුනාද ප්රතිරූපණය, ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාව, කාබන් කාල නිර්ණය, භූවේදය, සහ පුරා විද්‍යාව වැනි ක්ෂේත්‍ර වල භාවිතා වේ. (තව දුරටත්...) -
Image 5
තෝරියම් (ඉංග්‍රීසි: Thorium) යනු රසායනික මූලද්‍රව්‍යයකි. එහි පරමාණුක ක්‍රමාංකය 90 වන අතර සංඛේතය Th වේ. ස්වභාවිකව විශාල වශයෙන් හමුවන විකිරණශීලී මූලද්‍රව්‍යයකි. (තව දුරටත්...)
Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).
Need help?
Do you have a question about Nuclear technology to which you can't find the answer?
Consider asking it at the Wikipedia reference desk.
Selected images
Lua දෝෂය in Module:Random_slideshow at line 192: No images found.
Subcategories
Subtopics
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||
Associated Wikimedia
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව