ද්වාරය:ආසියාව
- العربية
- ܐܪܡܝܐ
- Azərbaycanca
- Беларуская (тарашкевіца)
- বাংলা
- کوردی
- Deutsch
- Zazaki
- Ελληνικά
- English
- Español
- فارسی
- Français
- Gagauz
- हिन्दी
- Հայերեն
- Bahasa Indonesia
- Italiano
- 日本語
- ქართული
- Қазақша
- Македонски
- മലയാളം
- ဘာသာမန်
- Bahasa Melayu
- မြန်မာဘာသာ
- Nederlands
- Norsk bokmål
- Polski
- پنجابی
- Português
- Русский
- سنڌي
- Soomaaliga
- தமிழ்
- Türkçe
- Українська
- اردو
- Vèneto
- Tiếng Việt
- 中文
- 粵語
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
-
Image 1
ආර්මේනියාව නිලවශයෙන් ආර්මේනියා සමුහාණ්ඩුව නම්වේ. යුරේසියාවේ කොකේසස් ප්‍රදේශයේ පිහිටි කඳුමුදුන් වලින් සමන්විත රටකි. බටහිර ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ මංසන්ධියක පිහිටි මෙය, බටහිරින් තුර්කියට, උතුරින් ජෝර්ජියාවට, නැගෙනහිරින් ඩි ෆැක්ටෝ නිදහස් රාජ්‍යයට, නගොනො කරබැක් සමුහාණ්ඩුවට, අසර්බයිජානියට, දකුණින් ඉරානය සහ අසර්බයිජානි නක්චිවාන්වලට මායිම් වේ. අතීතයේ සෝවියට් සමුහාණ්ඩුවට අයත් වූ ආර්මේනියාව වත්මන ඒකීය බහු පක්ෂ ප්රජාතන්ත්රවාදී ජාතික රාජ්‍යයක් වන අතර, එයට පැරණි ඓතිහාසික සංස්කෘතිමය ඉතිහාසයක් තිබුණි. ආර්මේනියා රාජධානිය 4 වැනි ශතවර්ෂයේ මුල් කාලයේ පැවති ක්‍රිස්තු ධර්මය වැළඳ ගත් මුල්ම රාජ්‍යය විය. (සාම්ප්‍රදායික දිනය 301). නව ආර්මේනියා සමුහාණ්ඩුව ඔවුන්ගේ ජාතික දේවස්ථානය වශයෙන් ආර්මේනියානු අපොස්තලිත පල්ලිය විසින් පිළිගෙන ඇති අතර, සමුහාණ්ඩු තුළ දේවස්ථාන හා රාජ්‍ය අතර වෙන් කිරීම් ආර්මේනියානු අපොස්තලිත පල්ලි අතර රාජ්‍ය නීති පද්ධතිය තුළ තිබේ. ආර්මේනියාව අන්තර් ජාතික සංවිධාන 40 කට වැඩි ගණනක සාමාජිකයෙක් වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපානු කවුන්සිලය, ආසියානු සංවර්ධිත බැංකුව, නිදහස් පොදු රාජ්‍ය මණ්ඩලය, ලෝක වෙළෙඳ සංගමය සහ ලා ෆ්‍රන්කෝෆෝනි වේ. එය CSTO හමුදා සන්ධානයේ සාමාජිකයෙක් ද වන අතර, නේටෝහි සාමය සඳහා සහයෝගිතාවයෙහි සහයෝගිතාවය ද දරයි. 2004 වසරේ එහි හමුදා නොසෝවෝහි නේටෝ මෙහෙය වූ අන්තර්ජාතික හමුදාවක් වන KFOR සමඟ සම්බන්ධ විය. එය යුරෝපියානු ආර්ථික සංගමයේ නිරීක්ෂණ සාමාජිකයෙක් වන අතර, පොදු රාජ්‍ය මණ්ඩලයේ ද සාමාජිකයෙකි. මෙහි මතුවෙමින් පවතින ප්රජාතන්ත්රවාදයක් තිබේ. ආර්මේනියාව මධ්‍යම මානව සංවර්ධනයන් පවතින රටක් ලෙස නම් කොට ඇති අතර, එහි ජනගහනයෙන් 10.6% ක් ජාත්‍යන්තර දිළිඳු තීරයට පහලින් සිටි ඒක පුද්ගල දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.25 පමණ වේ. (තව දුරටත්...) -
Image 2
ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදයක් ඔස්සේය. (තව දුරටත්...) -
Image 3
මලයාසියාව ගිණිකොණ ආසියාවේ පිහිටි රාජ්‍ය 30 කින් හා එක්සත් පාලන ප්‍රදේශ 3 කින් සමන්විත වර්ග කි.මී. 329,845 (වර්ග සැතපුම් 127,354) යුත් රටකි. අගනුවර වන්නේ ක්වාලා ලම්පූර්ය. එක්සත් ආණ්ඩුවේ ආසනය වන්නේ පුම්මුජයාය. ජනගහනය මිලියන 28 කි. මැලේසියාව මායිම් වන්නේ තායිලන්තය, ඉන්දුනිසියාව, සිංගප්පුරුව හා බෲනායි වේ. එය නිරක්ෂයට ආසන්න වන අතර සෞම්‍ය දේශගුණයක් ඇත. රාජ්‍ය නායකයා වන්නේ යැන්ග් ඩී. පර්ටුආන් අගොන්ග්ය. රාජාණ්ඩුවේ හා රාජ්‍යයේ නායකයා වන්නේ අගමැතිය. මෙරට පවතින්නේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමයයි. 1963 තෙක් මැලේසියාව රාජ්‍යයන් ලෙස නොපැවතුණි. 18 වන ශතවර්ෂය සිට එක්සත් රාජධානියේ බලපෑම ජනාවාස ඇති කිරීමට හේතු විය. වර්තමාන මැලේසියාවේ බටහිර කොටස රාජධානියන් කිහිපයකින් අඩංගු විය. 1946 දි විසිර යාමට පෙර එය බ්‍රිතාන්‍යය මලයාව වශයෙන් හඳුන්වනු ලැබීය. 1948 දි රටේ විසිරි පැවති විපක්ෂ හේතුවෙන් එය එක්සත් මැලේසියාව වශයෙන් නම් කල අතර, 1957 අගෝස්තු 31 දා නිදහස ලැබීය. 1963 වර්ෂයේ සැප්තැම්බර් 16 වනදා සිංගප්පුරුව, සරවන්, බ්‍රිතාන්‍ය, උතුරු බෝනියෝව එකතුවෙන් මැලේසියාව පිහිටුවන ලදි. 20 වන ශතවර්ෂයේ දී රට ආර්ථිකය අතින් ඉහළට ගියේය. එහි මායිමක් වන මලක්කාව වැදගත් නැව් සේවයේ සන්ධිස්ථානයකි. විදේශ වෙළදාම මෙරට ආර්ථිකය පෝෂණය කර ඇත. නිෂ්පාදනය මැලේසියානු ආර්ථිකයේ ඉහල කොටසක් දරන අතර, ශාක හා සත්ව ජෛව විවිධත්වය පවතින රටවල් 17 න් එකක් ලෙස සැලකේ. (තව දුරටත්...) -
Image 4
භාරතය දකුණු ආසියානු රටකි. එය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. 2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති භාරතය බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් අන්දමන් සහ නිකොබාර් දූපත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ධර්මය, බුදු දහම, ජෛන ධර්මය සහ සිඛ ධර්මය යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර ශරතුස්ත්‍රවාදය (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දියා සමාගම මගින් එක්සත් රාජධානියට අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය අවිහිංසාවාදී අරගලයකින් පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...) -
Image 5
කීර්ගිස්තානය නිළ වශයෙන් කීර්ගිස්තාන් සමුහාණ්ඩුව, මධ්‍යම ආසියාවේ රටකි. එය මායිම් වන්නේ උතුරින් කසක්ස්තානය, බටහිරින් උස්බෙකිස්ථානය, නිරිත දෙසින් ටජිකිස්තානය සහ නැගෙනහිරින් චීනයට ය. පුරාවෘත්තයක සඳහන් මනාස් යන වීරයාගේ ගෝත්‍රයන් 40 යක නාමයෙන් බිදී ආ නමක් ලෙස කීර්ගිස්තානය හඳුන්වයි. ඒ රටේ ජාතික කොඩියේ ඇති හිරු කිරණ 40 යෙන් එම ගෝත්‍ර 40 විදහා දක්වයි. (තව දුරටත්...) -
Image 6
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ. (තව දුරටත්...) -
Image 7
උතුරු කොරියාව, හෙවත් නිල වශයෙන් හඳුන්වන පරිදී ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව (DPRK) නැගෙනහිර ආසියාවේ පිහිටි කොරියානු අර්ධද්වීපයේ උතුරු කොටසේ පිහිටි රටකි. මෙය ට උතුරින් චීනයත් රුසියාවත් අම්නොක් ගඟින් (චීන බසින් 'යාලු' ගඟ) හා ටුමෙන් ගඟින් වෙන් වන අතර දකුණින් දකුණු කොරියාව අධි ආරක්ෂිත කොරියානු යුධ මුක්ත කලාපයෙන් වෙන් වේ. උතුරු කොරියාව, දකුණු කොරියාව ආකාරයෙන්ම මුළු අර්ධද්වීපයේත් ආසන්න දූපත්වලත් පාලනය හිමි රජය බවට හඳුන්වාගනී. මෙහි අගනුවර හා විශාලතම නගරය වන්නේ පියොංයෑන් නගරය යි.
1910 දී ජපාන අධිරාජ්‍ය විසින් කොරියාව යටත් කරගන්නා ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ ජපානය යටත් වීමත් සමඟ කොරියාව කොටස් දෙකකට බෙදා උතුරු කොටස සෝවියට් සමූහාණ්ඩුව යටතේත්, දකුණු කොටස ඇමෙරිකානු එක්සත් ජනපදය යටතේත් පාලනය කෙරිණ. නැවත එක් කිරීමට තිබූ සාකච්ඡා අසාර්ථක වූ අතර 1948දී රජයන් දෙකක් පිහිටුවනු ලැබිණ, එනම්: උතුරේ "ප්රජාතන්ත්රවාදී කොරියානු මහජන සමූහාණ්ඩුව" හා දකුණින් ධනවාදී "කොරියානු ජනරජය" පිහිටවනු ලැබීය. උතුරු කොරියාව විසින් ඇරඹි ආක්‍රමණයකින් කොරියානු යුද්ධය (1950-1953) ඇරඹිණ. සටන් විරාම ගිවිසුමකින් යුද්ධය නතර වූවද සාම ගිවිසුමක් අත්සන් නොකෙරුණි. (තව දුරටත්...) -
Image 8
උතුරු සයිප්‍රසය (තුර්කි: Kuzey Kıbrıs), නිල වශයෙන් උතුරු සයිප්‍රසයේ තුර්කි ජනරජය (TRNC; තුර්කි: Kuzey Kıbrıs Türk Cumhuriyeti) ලෙස හැඳින්වෙන්නේ සයිප්‍රස දිවයිනේ ඊසාන දිග කොටසේ පිහිටි ස්වයං ප්‍රකාශිත රාජ්‍යයක් වේ. එය පිළිගනු ලබන්නේ තුර්කිය විසින් පමණි. උතුරු සයිප්‍රසය, සයිප්‍රස් ජනරජයේ කොටසක් විය යුතු බවට අන්තර්ජාතික ප්‍රජාව විසින් සළකනු ලබයි.
උතුරු සයිප්‍රසය ඊසානදිගින් කර්පාස් අර්ධද්වීපයේ කෙළවරේ සිට මොර්ෆියු බොක්ක, කොර්මකයිටිස් තුඩුව සහ බටහිරින් කොකිනාව තෙක් විහිදී පවතී. එහි වඩාත් දකුණින්ම පිහිටා ඇත්තේ ලොව්රව්ජිනා ගම්මානය යි. එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින ප්‍රේරක කලාපයක් උතුරු සයිප්‍රසය හා සයිප්‍රස දිවයිනේ ඉතිරි ප්‍රදේශය අතරමැදින් විහිදී පවතින අතර එමගින් දිවයිනේ විශාලතම නගරය වන නිකොසියාව බෙදීමකට ලක් කරයි. රාජ්‍යයන් දෙකෙහිම අගනගරය වන්නේ නිකොසියාව යි. (තව දුරටත්...) -
Image 9
තුර්කි සමූහාණ්ඩුව යුරෝපියානු රටක් වන අතර එය බටහිර ආසියා ඇනටෝලියන් අර්ධද්වීපය ට්‍රේස් ගිනිකොණ යුරෝපය දක්වා විහිදේ. එහි මායිමේ රටවල් 08 ක් වන වයඹ දෙසින් බල්ගේරියාව, බටහිරින් ග්‍රීසිය,ඊසාන දෙසින් අමේනියා අසබයිජාන්,නැගෙනහිරින් බටහිර ඉරානය, ගිනිකොණ දෙසින් ඉරාකය සහ සිරියාව, දකුණු දෙසින් මධ්‍යධරණී මුහුද හා සයිප්‍රසය, බටහිර දෙසින් එයිගියන් මුහුද සහ උතුරින් කළු මුහුදට අයත් වේ. ජනගහනයෙන් බහුතරයක් ජනවාර්ගික තුර්කි හා කර්ටිස් වේ.එරට ප්රබලතම ආගම වන්නේ ඉස්ලාම්ය. රාජ්‍ය භාෂාව වන්නේ තුර්කිය. අගනුවර අන්කරා වේ.තුර්කිය ඔටෝමන් අධිරාජ්‍යයේ අනුප්රාප්තිකයෙකි. එය ප්රජාතන්ත්රවාදි ලෞකික එකමුතු ව්‍යවස්ථදායක සමූහාණ්ඩුවකි. 1923 මුස්තෆා කොමාල්ගේ නායකත්වයෙන් දේශපාලන පද්ධතිය පිහිටුවන ලදී. ඉන්පසු තුර්කිය බටහිර හා සමඟ බද්ධ වි ඇති අතර යුරෝපා කවුන්සිලය, නේටෝ, ඕ.ඊ.සී.ඩී (Organisation for Economic Co-operation and Development), ඔ.එ.ස්.සී.ඊ (Organization for Security and Co-operation in Europe) සහ ජි විස්ස කණ්ඩායම යන සමුළුවල සාමාජිකත්වය දරයි.2005 වර්ෂයේ යුරෝපානු සංගමය සමඟ සම්පූර්ණ සාමාජිකත්වය සඳහා සාකච්ඡා කර ඇත. 1963 සිට යුරෝපානු ආර්ථික කමිටුවේ සහකාර සාමාජිකයෙක් හා 1995 ආචාර සංගම් එකඟතාවයකට පැමිණියහ. මෙරට නැගෙනහිර ආසියාව,මැදපෙරදිග,තුර්කික් රාජ්‍යය මධ්‍යම ආසියාව සමඟ සංස්කෘතික, දේශපාලන ආර්ථික හා කාර්මික සබඳතාවයන් ගොඩනගා ඇත. (තව දුරටත්...) -
Image 10
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. (තව දුරටත්...) -
Image 11
රුසියානු සමූහාණ්ඩුව උතුරු ආසියාවේ පිහිටි රටකි. එය අර්ධ ජනාධිපති සමූහාණ්ඩුවක් වන අතර විෂයන් 83 ක් ඇතුළත්ය. රටේ මායිම් වයඹේ සිට ගිනිකොණ දක්වා නෝර්වේ, ෆින්ලන්තය, එස්තෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්තය, බෙලාරුස්, යුක්රේනය, ජෝර්ජියා, අසබර්ජාන්, කසකස්තාන්, චීනය, මොන්ගෝලියාව සහ උතුරු කොරියාවට මායිම් වේ. එහි වරාය මායිම ජපානය, ඇමරිකාව සහ බෙරීන් බොක්ක දක්වා ඇත. 17,075, 400km2 වර්ග සැතපුම් 6,592, 800 වේ. මෙය ලෝකයේ විශාලම රට වන අතර පෘථිවියේ බිමි ප්‍රමාණයෙන් 9% ක් ආවරණය කරයි. එහි ජනගහනය මිලියන 142 ක් වන අතර ලෝකයේ ජනාකීර්ණම රටවල් අතරින් 9 වන ස්ථානයට පත්ව ඇත. එය මුළු ආසියාව පුරාම හා යුරෝපයෙන් 40% ක් හා කලාප 09 කට අයිතිය. එහි ලෝකයේ විශාලතම ඛණිජ හා බලශක්ති සංචිතයන් වේ.එහි ලොව විශාලතම වනාන්තර සංචිතය ඇති අතර ලෝකයේ පිරිසිදු ජලයෙන් 1/3 ක් මෙහි අඩංගුවේ. මෙහි ඉතිහාසය ශත වර්ෂ 3 ක් 8 ත් අතර නැගෙනහිර ස්ලේවිස් වරුන්ගේ පැවත එයි. කේමන් රෝස් රාජ්‍යයේ ප්‍රබලම අනුප්‍රාප්තිකයා වන්නේ මොස්කව් ය. 18 වන ශත වර්ෂයේ දී මෙම රාජ්‍ය අත්කර ගැනීම් බද්ධ කිරිම් හා ගවේෂණය කිරිම් මඟින් රුසියානු රාජ්‍යය බිහිවිය. මෙය ඉතිහාසයේ විශාලතම රාජ්‍ය වේ. සෝවියට් සංගමය ලොව ප්‍රථම ව්‍යවස්ථාදායික සමාජවාදී රජයයි. 1991 සෝවියට් සංගමය අහෝසි වී සෝවියට් සමූහාණ්ඩුව බිහි විය. මෙහි ලොව 11 වන විශාලතම දළ ජාතික නිෂ්පාදිත (GDP) සාමාන්‍ය මත ආර්ථිකයක් පවතී. මෙහි ලොව 05 වන විශාලතම හමුදා අයවැය පවතී. මෙය පිළිගත් න්‍යෂ්ටික ආයුධ රාජ්‍යයක් හා විනාශකාරී ආයුධ ගබඩාවක් ඇති විශාලම රටයි. රුසියාව එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩල G8, G20 යුරෝපානු සංගමය, ආසියානු පැසිපික් ආර්ථික සහයෝගීතාවය, ෂැංහයි සහයෝගීතා සංගමය, යුරේෂයන් ආර්ථික සංගමය, OSCE සහ පොදු රාජ්‍ය නිදහස් රාජ්‍යයේ සාමාජිකයෙකි. මෙහි කලාවට හා විද්‍යාවට විශිෂ්ට සම්ප්රදායක් ඇති අතර තාක්ෂණික විද්‍යාව පිළිබඳව දැඩි සම්ප්රදායක් ඇත. පළමු මානව අභ්‍යාවකාශ ගමනට රුසියාව මුලික විය. (තව දුරටත්...) -
Image 12
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...) -
Image 13
නැගෙනහිර ටිමෝරය (i/ˈtiːmɔr/, අහන්න) ටිමෝර්-ලෙස්ටේ ලෙසද හැඳින්වේ.(/tiˈmɔr ˈlɛʃteɪ/; පෘතුගීසි උච්චාරණය: [ti'moɾ 'lɛʃ.tɨ]; ), නිල වශයෙන් ටිමෝර්-ලෙස්ටේ ප්රජාතන්ත්රවාදී ජනරජය (පෘතුගීසි: República Democrática de Timor-Leste,) අග්නිදිග ආසියාවේ දූපත් රටකි. එය ටිමෝර් දිවයිනේ නැගෙනහිර අර්ධය, වයඹ අර්ධයේ ඔයකසී එක්ස්ක්ලේව් සහ කුඩා දූපත් වන අටවුරෝ සහ ජැකෝ වලින් සමන්විත වේ. ඕස්ට්‍රේලියාව යනු ටිමෝරය මුහුදෙන් වෙන් වූ රටේ දකුණු අසල්වැසියා වේ. රටේ විශාලත්වය වර්ග කිලෝමීටර් 14,874 (වර්ග සැතපුම් 5,743) වේ. දිලී එහි අගනුවරයි.
නැඟෙනහිර ටිමෝරය දහසයවන සියවසේදී පෘතුගීසි බලපෑමට යටත් වූ අතර, 1975 දක්වා පෘතුගීසි යටත් විජිතයක්ව පැවතුණි. අභ්‍යන්තර ගැටුම් ඒකපාර්ශ්වික නිදහස ප්‍රකාශ කිරීමට සහ ඉන්දුනීසියානු ආක්‍රමණයට හා ඈඳා ගැනීමට පෙරාතුව විය. ඉන්දුනීසියානු පාලනය පුරාවටම ප්‍රතිරෝධය අඛණ්ඩව පැවති අතර, 1999 දී එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් ස්වයං නිර්ණ පනතක් මගින් ඉන්දුනීසියාව භූමියේ පාලනය අත්හැරීමට හේතු විය. ටිමෝර්-ලෙස්ටේ ලෙස, එය 2002 මැයි 20 වන දින 21 වන සියවසේ පළමු නව ස්වෛරී රාජ්‍යය බවට පත් විය. (තව දුරටත්...) -
Image 14
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්රමණවලට මුහුණ දී ඇත.
ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...) -
Image 15
නිල වශයෙන් ඉරාන ඉස්ලාමීය ජනරජය ලෙසද හැඳින්වෙන ඉරානය බටහිර ආසියානු රටකි. 1935 ට පෙර ඉරානය හඳුන්වනු ලබන්නේ පර්සියාව ලෙසයි. කෙසේ වෙතත් නිල වශයෙන්,දේශපාලන වශයෙන් එය ඉරානය නමින් හඳුන්වයි. 1648, 195Km2 වන මෙය භූමි ප්‍රමාණයෙන් ලොව 18 වන විශාලතම රට වන අතර ලෝක ජනගහනයෙන් මිලියන 70 ක් මෙහි වාසය කරති. එහි මායිම් උතුරු ආමේනියා අසබජා සහ ටර්කිමේනිස්ටාන් දක්වා ඇත. කසකස්ථානය සහ රුසියාව ඉරානයට කෙළින්ම උතුරින් ඇති අසල්වැසියන්ය. ඉරානය මායිම් වන්නේ නැගෙනහිර ඇෆ්ගනිස්ථානය සහ පකිස්ථානය දකුණු පර්සියන් බොක්ක හා ඕමානු බොක්කටය. බටහිරින් ඉරානය. වයඹ තුර්කිය වේ (කුර්ඩිස්ටාන්). ටෙහෙරාන් අගනුවර වේ. එහි තෙල් සංචිත වන පෙට්‍රොලියම් සහ ස්වභාවික වායු ලෝක ආර්ථිකයේ විශේෂ බලශක්ති ආරක්ෂණය සහ ලෝක ආර්ථිකයේ විශේෂ තැනක් ගනී. මෙහි පළමුවන රාජධානිය වන එලමයිට් පිහිටුවනු ලැබුවේ ක්‍රි.පූ. 2800 හිය. ඉරානයෙන් මේඩීස් බි.සි.ඊ. 625 න් ඉරානය රාජ්‍යයක් කරන ලදී. පර්ෂියානු වේ පිබිදීමත් සමඟ සාහිත්‍ය දර්ශන විද්‍යාව,ඖෂධ තාරකා විද්‍යාව, ගණිතය සහ සෞන්දර්ය මුස්ලිම් ජනාවාස වල මුලික පද්ධති විය. 1501 දී සෆවිසි රාජ්‍යය පාලනයෙන් නිදහස ලැබීය.1906 දී පර්සියානු ව්‍යවස්ථාදායක විප්ලවීය විසින් රටේ පළමු පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායක රාජ තන්ත්රයක් ඇතිව නිර්මාණය කළහ. 1976 අප්‍රේල් 01 ඉරාන් විප්ලවයෙන් පසු නිල වශයෙන් එය ඉස්ලාමීය සමූහාණ්ඩුවක් විය. ඉරානය UN, NAM,OIC,OPAC සංවිධාන වල නිර්මාතෘ සාමාජිකයකි. ඉරාන දේශපාලන පද්ධතිය 1979 ව්‍යවස්ථාව මත පවතී. (තව දුරටත්...) -
Image 16
ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුගයේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.
යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත. (තව දුරටත්...) -
Image 17
පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය. (තව දුරටත්...) -
Image 18
සෞදි අරාබිය, සවුදි අරාබියාව, නිල වශයෙන් සවුදි අරාබි රාජධානිය යනු මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසාන දිගින් ජෝර්දානය හා ඉරානය නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්ස්, ගිණිකොණ දිගින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි. මී. 21 49 690 (වර්ග සැතපුම් 830 000) විශාලය. ඉස්ලාමය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මෙඩීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන 2 ඇති නගරය වශයෙන් ද හදුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 ඔහුෙග් වෑයම නැරඹුන අතර අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සහ 1932 එය පිලිගැනුනු අතර හා ප්‍රත්‍යාගණනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පලමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ පෙට්ට්‍රෝලියම්ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩ නැගීමට ඉවහල් වි ඇත.
නිළ වශයෙන් සවුදි අරාබි රාජධානිය මැද පෙරදිග පිහිටි විශාලතම රටයි. එහි මායිම් වන්නේ උතුරින් හා ඊසානෙන් ජෝර්දානය හා ඉරානය, නැගෙනහිරින් කුවේට්, කටාර්, බහරේන් හා එක්සත් අරාබි එමිරේට්, ගිණිකොණින් ඕමාන් හා දකුණෙන් යේමනය වේ. පර්සියානු අගාධය ඊසානයට හා බටහිරට රතු මුහුද වේ. ජනගහනය මිලියන 28 වන අතර එය වර්ග කි.මී. 21,49,690 (වර්ග සැතපුම් 830,000) විශාලය. ඉස්ලාමීය තුල ඇති පුජනීයම ස්ථානයක් වන මදීනා හා මක්කම මෙහි ඇති බැවින් මෙය පුජනීය දේවස්ථාන දෙකක් ඇති නගරය වශයෙන් ද හඳුන්වයි. වර්තමාන රාජධානිය සොයා ගනු ලැබුවේ, අබ්දුල් අසීස් බින් සවුද් විසිනි. 1902 දී අල් සවුද් පුරාතන නිවහන වන රියාද් සොයා ගැනීමත් සමඟම ඔහුගේ වෑයම ඇරඹුනි. එය 1932 දී පිළිගැනීම හා ප්රකාශනය කරනු ලැබු අතර එය සවුදි අරාබිය තුල උච්චාවචනයට ලක් විය. එහි ජාතික මුලාරම්භයක් 1744 පළමු සවුදි රාජ්‍ය ස්ථාපනය දක්වා දිව යයි. සවුදි ආර්ථිකයේ ප්‍රධානතම අපනයනය වන්නේ ඛනිජ තෙල්(පෙට්ට්‍රෝලියම්)ය. අපනයනයෙන් 90% හා 75% ක් රාජ්‍ය ආදායම සුභසාධන රාජ්‍යයන් ගොඩනැගීමට ඉවහල් වි ඇත. (තව දුරටත්...) -
Image 19
සිංගපුරුව (ස්වදේශික නාමය සිංහපුර, නිල නාමය රිපබ්ලිකා සිංහපුරා) මලයා අර්ධද්වීපයේ දකුණු කෙලවරේ පිහිටි සමකයට කිලෝමීටර් 137ක් උතුරින් පිහිටි අග්නිදිග ආසියාතික රටකි.සිංගපුරුවට දුපත් 63 ඇත,it is separated from Malaysia by the Straits of Johor to its north and from Indonesia's Riau Islands by the Singapore Strait to its south. Singapore is highly urbanised but almost half of the country is covered by greenery. More land is being created for development through land reclamation.[k.aru.sheshan] 1 නොවැම්බර් 2011 13:35
(තව දුරටත්...) -
Image 20මෙම පිටුව රට පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ලංකාව බලන්න.ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි. (තව දුරටත්...) -
Image 21
මාලදිවයින (ඉංග්‍රීසි - Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖެ දිවෙහි රාජ්ජේ), නිල වශයෙන් මාලදිවයින් ජනරජය (ඉංග්‍රීසි - Republic of Maldives) (දිවෙහි - ދިވެހިރާއްޖޭގެ ޖުމްހޫރިއްޔާ දිවෙහි රාජ්ජේ ජමහාරියා) ඉන්දියානු සාගරයේ ඇති දූපත් රාශියකින් සැදුනු කුඩා රාජ්‍යකි. එය දූපත් පොකුරු 26 කින් සමන්විත වන අතර, ලක්ෂද්වීප් දූපත් වලට නුදුරින් මිනිකොයි දූපත් සහ චාගොස් කොදෙව්ව අතරින්, ලක්ක්දිව් මුහුදේ, ඉන්දියාවට කිලෝ මීටර 400 නිරිත දිගින් සහ ශ්‍රී ලංකාවට කිලෝ මීටර 700ක් නිරිත දිගින් පිහිටා ඇත.
දහසය වන සියවසේ සිට පෘතුගීසි, ඕලන්ද සහ බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ අවධානයට ලක් වූ මාලදිවයින, බ්‍රිතාන්‍ය යටතේ කටයුතු කල සුල්තාන් වරයෙකුගේ පාලන ක්‍රමයකින් මිදී 1965 දී පූර්ණ නිදහස ලබා ජනරජයක් බවට පත් විය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (from නාගසාකි)
-
Image 2ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 3හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 5ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (from නාගසාකි)
-
Image 7නාගසාකි වෙරල තීරය (from නාගසාකි)
-
Image 8නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (from නාගසාකි)
-
Image 9වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 10නාගසාකියේ සැලැස්ම, 1860 (from නාගසාකි)
-
Image 11නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (from නාගසාකි)
-
Image 12ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 14ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 15නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (from නාගසාකි)
-
Image 16මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (from නාගසාකි)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ↑ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ↑ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."