Portal:ගණිතය
Wikipedia වෙතින්
'ගණිතය' බොහෝ විට අර්ථ දැක්වෙනුයේ ප්‍රමාණය,ව්‍යුහය,අවකාශය සහ විපරිණාමය යනාදී දෑ අධ්‍යයනය කෙරෙන්නා වූ විෂය ක්‍ෂේත්‍ර ලෙස ය.ගණිතඥයන් බොහෝ දෙනෙකු විසින් දරන තවත් මතයක් නම්, ප්‍රත්‍යක්ෂ සහ අර්ථදැක්වීම්වලින් ඇරඹී නිගාමී තර්කණය මඟින් සනාථ කළ දැනුම් සම්භාරය වනාහී ගණිතය යන්නයි. ඕනෑම සමාජයක පාහේ,ගිණුම් තැබීම, බිම්මැනුම සහ තාරකා ශාස්ත්‍ර ආශ්‍රිත සිද්ධි පූර්ව නිශ්චය කිරීම යනාදී කටයුතු සඳහා ප්‍රායෝගික ගණිතය යොදා ගෙන ඇත.
ගණිතමය සොයා ගැනීම් සහ පර්යේෂණවල දී බොහෝ දුරට ,යෙදීම් ගැන සැලකීමකින් තොරව,රටා සොයා ගැනීම සහ ඒවා අනුපිළිවෙලකට සකස් කිරීම සිදුවේ."සුවිශුද්ධ" ගණිතයෙහි ඇති සුවිශේෂ කරුණක් නම් එය නිතරම ප්‍රායෝගික යෙදීම්වලට තුඩු දීමයි.මේ කරුණ ඉයුජින් විග්නර් "ගණිතයෙහි අථක්කාවචර ඵලදායිතාව" ලෙස හඳුන්වා ඇත. වත්මනෙහි,ස්වභාවික විද්‍යාව,ඉංජිනේරු විද්‍යාව, ආර්ථික විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව යනාදී විෂය ක්‍ෂේත්‍ර නව ගණිතමය සොයා ගැනීම් මත බෙහෙවින්ම යැපේ.
Mathematics යන වදන "විද්‍යාව,ඥානය හෝ ඉගෙනීම"යන අරුත් දෙන ග්‍රීක μάθημα (máthema)සහ "ඉගෙනීමට ඇති ලෝලය" යන අරුත් දෙන ග්‍රීක μαθηματικός (mathematikós) ආදියෙන් බිඳී ආවෙකි.එය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉංග්‍රීසි ව්‍යවහාරයේ maths ලෙස ද උතුරු ඇමරිකා ඉංග්‍රීසි ව්‍යවහාරයේ math ලෙස ද කෙටියෙන් භාවිත වෙයි.
වීජගණිතය | විශ්ලේෂණය | ව්‍යවහාරික ගණිතය | කලනය | ජ්‍යාමිතිය | සම්භාවිතාව සහ සංඛ්‍යායනය | කුලක සිද්ධාන්ත | සංඛ්‍යායනය | ස්ථල විද්‍යාව | ත්‍රිකෝණමිතිය
ගණිතය | ගණිත ඉතිහාසය | ගණිතඥායෝ | ප්‍රදාන | අධ්‍යාපනය | ආයතන සහ සංසද | සාහිත්‍යය | අංකන | ප්‍රමේය | ඔප්පු කිරීම් | නොවිසඳූ ගැටඵ


